මාස එකොළහකට පසු ගුණතිලක අද ලංකාවට (ඡායාරූප)

ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් නිවැරදිකරුවෙකු ලෙස තීන්දුව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (03) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ධනුෂ්ක ගුණතිලක මෙලෙස යළි මව්බිමට පැමිණෙන්නේ මාස 11ක කාලයකින් පසුවයි.

ඒ, අනුව ධනුෂ්ක අද (03) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ධනුෂ්ක සමඟ ඔහුගේ කළමණාකරු සහ ඔහුගේ නීති කටයුතු සිදුවන අවස්ථාවේ දී ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණෙමින් ඔහු අසළ සිටි විදෙස් ජාතික තරුණිය ද මෙලෙස දිවයිනට පැමිණෙන බවයි තොරතුරු දැනගන්නට ලැබුණේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ලිංගික අතවර කිරීමේ චෝදනා මත ගුණතිලක අත්අඩංගුවට ගැනීමේ පසු, ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය ඉදිරියේ නිවැරදිකරු බවට පසුගිය දා ඔප්පු වූවද, ඔහුට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතන තවමත් තීරණයක් ගෙන නැහැ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දා ප්‍රකාශ කළා.

1
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
1
+1
20
+1
2
+1
2
+1
5
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03