Empty Ad
AFC Banner
Empty Ad

මාස එකොළහකට පසු ගුණතිලක අද ලංකාවට (ඡායාරූප)

ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් නිවැරදිකරුවෙකු ලෙස තීන්දුව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (03) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ධනුෂ්ක ගුණතිලක මෙලෙස යළි මව්බිමට පැමිණෙන්නේ මාස 11ක කාලයකින් පසුවයි.

ඒ, අනුව ධනුෂ්ක අද (03) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ධනුෂ්ක සමඟ ඔහුගේ කළමණාකරු සහ ඔහුගේ නීති කටයුතු සිදුවන අවස්ථාවේ දී ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණෙමින් ඔහු අසළ සිටි විදෙස් ජාතික තරුණිය ද මෙලෙස දිවයිනට පැමිණෙන බවයි තොරතුරු දැනගන්නට ලැබුණේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ලිංගික අතවර කිරීමේ චෝදනා මත ගුණතිලක අත්අඩංගුවට ගැනීමේ පසු, ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය ඉදිරියේ නිවැරදිකරු බවට පසුගිය දා ඔප්පු වූවද, ඔහුට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතන තවමත් තීරණයක් ගෙන නැහැ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දා ප්‍රකාශ කළා.

1
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
1
+1
20
+1
2
+1
2
+1
5
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?