මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (24) මෙම ද්විත්ව ඝාතනය සිදුව ඇති අතර, තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 68ක් සහ 70 යන වයස්වල පසු වූ අඹුසැමි යුවළක්.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලිසිය විසින් විමර්ශන අරඹා තිබෙනවා.













