මවට පහරදුන් අයියා මල්ලිගේ පහරින් මරුට

සූරියවැව වැලිආර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තම සොහොයුරා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණේ.

මියගොස් ඇත්තේ වැලිආර ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් වන අතර මවට පරුෂ වචනයෙන් බැන වැදීම සහ හිරිහැර කිරීම හේතුවෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

28 හැවිරිදි සහෝදරයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සූරියවැව පොලිසියයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
6
+1
12
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?