මල්ලිගේ ප්‍රහාරයෙන් අයියා මරුට (ඡායාරූප)

වැල්ලවාය කෝන්ගහරූප්ප ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තම වැඩිමහල් සොහොයුරාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත මෙම ඝාතනය සිදු වී ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු තිස් හතරක් වන තිදරු පියෙක්.

ඝාතනය සිදු කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක්.

මෙම සහෝදරයින් දෙදෙනා විවාහයෙන් පසු එකම නිවසක ජීවත් වී ඇති අතර විටින් විට එම නිවස සම්බන්ධයෙන් ඔවුන් අතර අඩදබර ඇති වී ඇති බවයි හෙළිවන්නේ.

පසුව අවස්ථා රැසක දීම මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර ඇති අතර ඊයේ උදෑසන කාලයේ දී ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් උරණ වූ සැකකරු ඊයේ රාත්‍රි මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17