මන්ත්‍රී හිස්බුල්ලාට ඩොලර් මිලියන 02ක් වංචා කළ ඝානා ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

‍පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ඝානා ජාතිකයින් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඝානා මාධ්‍ය වාර්තා කරන්නේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි.

රත්තරන් විකිණීමේ මුවාවෙන් මුදල් වංචා සිදුකළ බවට එරට ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්තරන් ලබාදෙන බව පවසමින් ඩොලර් මිලියන 02ක මුදලක් මෙම සැකකරුවන් 2023 වසරේ දී වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් විසින් යලිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්රන් කිලෝග්‍රෑම් 50ක් විකිණීමට ඉදිරිපත් වී ඇති අතර, එම ගනුදෙනුවට නීත්‍යුනුකූල බවක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවන් ඝානා ආරක්ෂක අංශ විසින් ඔක්තෝබර් 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී කහ පැහැති රත්තරන් බවට සැකකෙරෙන ලෝහ 02ක් ද සොයාගෙන ඇති බව වාර්තා වන්නේ.

මීට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින යළි කැදවීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18