AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවසර?

මන්ත්‍රී ධුරය අහිමි වුව ද, තමන් හට ගිනිඅවි දෙකක් ළඟ තබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අයිතිය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ; පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ද සාකච්ඡාවට ගැනුණු බවයි.

ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වී තිබෙන බවත් එම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?