මන්ත්‍රීවරියන් වාචික හිංසනයට ලක්වීම වැළැක්වීමට ඇති ස්ථාවර නියෝග සංශෝධනයට ඉල්ලීමක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයය විසින් ඊයේ (05) කතානායකවරයා වෙත ඉල්ලීමක් භාර දී තිබෙනවා.

වැඩිම කාන්තා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ලෙස දසවන පාර්ලිමේන්තුව කැපී පෙනවනවා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් ලෙස, ඔවුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ ඉන් පිටත ස්වකීය රාජකාරි ඉටු කරනු ලබනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වයේ” කොටසක් ලෙස වාර්ෂික “තැඹිලි පැහැ දිනය” වැනි සංකේතාත්මක වැඩසටහන් සංසදය විසින් සිදුකර ඇතත්, ඒවා සභා ගර්භයේ ක්‍රියාකාරිත්වය තුළින් හරයාත්මක ලෙස අර්ථ ගැන්වීමට නොහැකි වී ඇති බව තම නිරීක්ෂණය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම තුළ සඳහන්.

විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධවීමට ඇති අයිතියට ද එරෙහි අභියෝගයක් බව සංසදය අවධාරණය කරනවා.

සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයට ද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන්.

එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ යෝජනා කරන අතර, එය ස්ථාවර නියෝග යටතේ වන “පාර්ලිමේන්තුව තුළ විනය” කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බව ද යෝජනාවේ සඳහන් වනවා.

ඒ අනුව, උක්ත කරුණු සලකා බලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහරට බහියි - මීක් නැතිවෙන්නම ආරක්ෂාව යොදයි
01:41
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට - සුපිරි වාහන පොළීමක් එක්ක ආ හැටි
01:43
Video thumbnail
කළු ඇඳගත් SF නිලධාරින් මහර බන්ධනාගාරයට එන අයුරු - ප්‍රදේශයටම දැඩි ආරක්ෂාවක්
00:56
Video thumbnail
මිනිස්සු යවද්දි උණුසුම් තත්ත්වයක් - කරුණාකරලා ගෙවල්වලට යන්න දැන් ඇඳිරි නීතිය දාලා
03:27
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13