Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩිවේ

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා.

රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740ක් බවට නිවේදනය කර තිබෙනවා.

රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් බවට වාර්තාවෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම ප්‍රකාශ කරනවා.

පාරිභෝගිකයන්ට ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද සමාගම සඳහන් කරනවා.