AFC Banner
AFC Banner
Empty Ad

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත් වුණා.

මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඒ, අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි දී උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි දී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළයක ලියාගෙන ඇවිල්ලා කියවන බොරු - ජනපතිට පුළුවන් මේවට ඇක්ෂන් ගන්න
Video thumbnail
විද්‍යා පීඨයේ විෂය නිර්දේශය වසර අටකින් වෙනස් වෙලා නැහැ....
05:20
Video thumbnail
අපි තාම එහෙම ගිවිසුමක් දැකල නෑ - ඉස්සර වගේම අමුතු අමුතු උත්තර දෙන මෛත්‍රී
03:06
Video thumbnail
ගෝඨාභය එලවන්න ඇමරිකාව සල්ලි දුන්නද ? පොහොට්ටුව හමුවෙන්න ආපු ජූලි කියපු කතාව
07:04
Video thumbnail
පාඨලීගෙන් ආණ්ඩුවට රතු එළියක් - ආණ්ඩුව කරගත්තේ අවදානම් වැඩක්
04:20
Video thumbnail
අපිට UNP එක තිබ්බත් එකයි නැතත් එකයි අපේ සජිත් මහත්තයා හැමදාම දිනුම් ...
07:59
Video thumbnail
එද්දි අරක දෙන්නම් මේක දෙන්නං කියපු ආණ්ඩුවට දැන් දෙන්නං කියපු දේවල් අමතකයි ...
04:26
Video thumbnail
දෙයියනේ දෙයියනේ රට බේරගත්ත අප්පච්චිට වෙච්චි දෙයක්...
08:00
Video thumbnail
වඳුරගේ සිද්දියට මාලිමා පාක්ෂිකයින්ට හොඳටම තදවෙයි
06:48
Video thumbnail
ගොවියා මර්දනය කරන්න සැලැස්මක් තියෙනවා
03:38

?