මගීන් 60කගේ ජීවිත බේරාගත් ලංගම රියදුරුගේ වීර ක්‍රියාව (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මුහුණදීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගන්නට එහි දැඩි පරිශ්‍රමයක් දරා රියදුරු කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

බදුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය ඊයේ (30) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ හපුතලේ – බෙරගල ප්‍රදේශයේ දී තිරිංග අක්‍රීයවී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව් බස් රථය තුළ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර, එහිදී රියදුරු විසින් තිරිංග ක්‍රියා විරහිත වූ බස් රථය මාර්ගයේ දකුණුපස පිහිටි කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට ධාවනය කරවීමට කටයුතු කර ඇති බව සඳහන්.

රියදුරු විසින් බස් රථය එලෙස දකුණුපස ධාවනය නොකළේ නම් වම පසින් පිහිටි දැවැන්ත බෑවුමට පෙරලී විශාල අනතුරක් සිදුවන්නට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ බදුල්ල ඩිපෝවට අනියුක්තව සේවය කරන ඩී.එම් ප්‍රියන්ත මහත්මායි.

මෙම සිදුවීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, බස් රථයේ රියදුරුවරයා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම අනතුර සිදුවන්නට ගිය ස්ථානය ඉහළින් පිහිටි බෙරගල – විහාරගල ප්‍රදේශයේ දී 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සිදුවූ මෙවැනිම අනතුරකින් බණ්ඩාරවෙල ඩිපෝවට අනියුක්තව සේවය කළ ලංගම බස්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත් වුණා.

06
03
04
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
37
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?