මගීන් 60කගේ ජීවිත බේරාගත් ලංගම රියදුරුගේ වීර ක්‍රියාව (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මුහුණදීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගන්නට එහි දැඩි පරිශ්‍රමයක් දරා රියදුරු කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

බදුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය ඊයේ (30) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ හපුතලේ – බෙරගල ප්‍රදේශයේ දී තිරිංග අක්‍රීයවී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව් බස් රථය තුළ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර, එහිදී රියදුරු විසින් තිරිංග ක්‍රියා විරහිත වූ බස් රථය මාර්ගයේ දකුණුපස පිහිටි කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට ධාවනය කරවීමට කටයුතු කර ඇති බව සඳහන්.

රියදුරු විසින් බස් රථය එලෙස දකුණුපස ධාවනය නොකළේ නම් වම පසින් පිහිටි දැවැන්ත බෑවුමට පෙරලී විශාල අනතුරක් සිදුවන්නට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ බදුල්ල ඩිපෝවට අනියුක්තව සේවය කරන ඩී.එම් ප්‍රියන්ත මහත්මායි.

මෙම සිදුවීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, බස් රථයේ රියදුරුවරයා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම අනතුර සිදුවන්නට ගිය ස්ථානය ඉහළින් පිහිටි බෙරගල – විහාරගල ප්‍රදේශයේ දී 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සිදුවූ මෙවැනිම අනතුරකින් බණ්ඩාරවෙල ඩිපෝවට අනියුක්තව සේවය කළ ලංගම බස්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත් වුණා.

06
03
04
05


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09