මංගල දිනය අවමංගල්‍යයක් කළ අකුණ

විවාහ මංගල්‍යයකට යමින් සිටි පිරිසකට අයහපත් කාලගුණික තත්ත්වයක් හමුවේ සිදුවූ අකුණු සැර වැදීමකින් 16 දෙනෙකු මියයාමේ සිදුවීමක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මංගල උත්සවයට යාමට සූදානම් වී පැමිණි පිරිස බෝට්ටුවක් මගින් ගඟකින් එගොඩ වීමට යාමට සූදානම් වීමේදී කුණාටුවක් ද සමග දැඩි වර්ෂාවක් ඇද වැටි ඇති බවයි.

එහිදී පිරිස ගං ඉවුරේ තිබූ ටකරන් මඩුවක් යටට ගොස් ඇති අතර එහිදී අකුණුසැර වැදී ඇතැයි සඳහන්.

මනමාලයා වූ 21 හැවිරිදි තරුණයෙක් තම ඥාතීන් ද සමග රටේ වයඹ දෙසින් පිහිටි ෂිබ්ගන්ජ් ප්‍රදේශයේ පිහිටි මනමාලියගේ නිවසට යාමට සූදානම් වෙමින් සිටියදී අකුණුසැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ශබ්දය ඇසීමත් සමග එම ස්ථානයට දිව දිය තරුණයා දැක ඇත්තේ තම පවුලේ සාමාජිකයන් තැන තැන වැටී සිටින ආකාරයයි.

“සමහර අය සිරුරු බදාගෙන හිටියා, තුවාල වූවන් වේදනාවෙන් කෑගැසුවා. ළමයි කෑගැසුවා. මම පාඩුවේ හිටියා. මම මුලින්ම යන්න ඕනේ කා ළඟට ද කියලා මට තීරණය කරන්නත් බැරි වුණා.” මාමුන් නම් තරුණයා සිහිපත් කරනවා.

මාමුන්ට තම පියා, ආච්චි, සීයා, ඥාති සොහොයුරියන්, මාමලා සහ නැන්දලා අහිමි වුණා. ඔහුගේ මව බෝට්ටුවේ නොසිටි අතර අකුණු ප්‍රහාරයෙන් ඇය දිවි ගලවා ගත්තා.

මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ දිනයේ සවස, ඔහුගේ ඥාතීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වුණා. ඔවුන් භුක්ති විඳීමට අපේක්ෂාවෙන් සිටි මංගල භෝජන සංග්‍රහය නිවාස නොමැති අයට බෙදා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මාමුන් පසුව විවාහ වූ නමුත් වේදනාකාරී මතකයන් සිත කළඹනසැමරීමට කටයුතු නොකරන බවයි මෙම තරුණයා පවසන්නේ.

වාර්ෂිකව ගංවතුරට වඩා වැඩි ජීවිත ප්‍රමාණයක් බිලිගන්නා අකුණු සැර බංග්ලාදේශයේ විශාල ඝාතකයෙක් බව විදෙස් වාර්තා පවසනවා.

ආන්තික කාලගුණික තත්ත්වයන් සහ දැඩි කුණාටුවලින් බලපෑම් එල්ලවී ඇති බංග්ලාදේශයේ සෑම වසරකම අකුණු සැර වැදීමෙන් සාමාන්‍යයෙන් 300ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

අකුණු සැර වැදීම හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ද 1990 ගණන්වල සිට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් කුණාටු වැඩිවීම මාරාන්තික අකුණු සැර වැඩිවීමට හේතුවක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බංග්ලාදේශ රජය පවසන්නේ.

“ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, පාරිසරික වෙනස්කම්, ජීවන රටා යන සියල්ල අකුණු මඟින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වේ” යනුවෙන් බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් Md Mijanur Rahman BBC වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ගංවතුර, සුළි කුණාටු, භූමිකම්පා සහ නියඟය ඇතුළු රට මුහුණ දෙන ස්වභාවික විපත් පිළිබඳ නිල ලැයිස්තුවට රජය අකුණු සැර වැදීම ඇතුළත් කර තිබීම එහි බරපතළකම තවදුරටත් පෙන්වා දෙනවා.

අකුණු සැර වැදීමෙන් අනතුරට ලක්වන බහුතරයක් ගොවීන් වන අතර, ඔවුන් වසන්ත හා ගිම්හානයේ වැසි සහිත මෝසම් මාසවලදී කෙත්වල වැඩ කරන විට අකුණුවලට ගොදුරු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55