භූ කම්පනයෙන් මියගිය පිරිස 20,000 පනී – ගොඩනැගිලි තුළ සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්

තුර්කි – සිරියා භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවමත් පුද්ගලයින් සිරව සිටින අතර, ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය මෙම මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

මේ අතර භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති විනාශයේ සම්පූර්ණ හානිය පිළිබඳව තවමත් තක්සේරුවක් සිදු නොකළ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධාය සඳහන් කළේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ පවතින ශීත කාලගුණ තත්ත්වය සහ අනෙකුත් සාධක මත මුදාගත් පිරිස් වෙතද කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව නොලැබීම තුළ තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?