බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් – පාතාල කල්ලියක් වගකීම භාරගනී

ජනප්‍රිය බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කරගනිමින් ඊයේ (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මුම්බායි හි ජුහු ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

ටයිගර් ෂ්රොෆ් මෝටර් රථයෙන් ගමන කරමින් සිටි අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ රියදුරු සහ තවත් ඔටෝරික්ෂෝ රියදුරෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල කල්ලිය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්තා වුවද, මුම්බායි පොලිසිය තවමත් එහි සම්බන්ධය තහවුරු කර නැහැ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සහ ස්වදේශ අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස්, මුම්බායි පොලිස් කොමසාරිස්වරයා වෙත නියෝග නිකුත් කර තිබෙනවා.