බොරැල්ල පොලිස් වසමේ ඩී. එස්. සේනානායක මංසන්දියේ කොළඹට ඇතුල්වීමේ මංතීරුවේ කොටසක් අද (20) රාත්රියේ සිට වසා තබන බව පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙනවා.
එම මංතීරුවේ පිහිටි මළාපවහන පද්ධතියක් පිටාර ගැලීම හේතුවෙන් එම පද්ධතියේ පිළිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද (20) රාත්රී 10.00 සිට එම මාර්ග කොටස මෙලෙස වසා තැබීමට තීරණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ, අනුව එම පිළිසකර කටයුතු අවසන් වන තෙක් අදාළ මාර්ග කොටස භාවිත කරන රියදුරන් සහ මහජනතාව පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.
වැලිකඩ දෙස සිට පැමිණෙන වාහන ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිස බොරැල්ල දෙසට ගමන් කළ හැකියි.
එමෙන්ම මොඩල් ෆාම් හන්දියෙන් පරණ බුර්ලස් පාර ඔස්සේ කනත්ත වටරවුම දෙසට ගමන් කළ හැකියි.










