වසර ගණනාවක සිට බේරුවල ධීවර වරායේ ජැටිය නිසියාකාරව පිරිසුදු නොකිරීම නිසා විශාල වශයෙන් වතුර බෝතල් සහ කැළි කසළ එකතුවීම නිසා සාගර ජලය බරපතල ලෙස දූෂණයට ලක්ව තිබෙන බව වාර්තාවේ.
බේරුවල ධීවර වරාය කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධානතම ධීවර වරාය වෙනවා. මෙම ධීවර වරායේ බහු දින ධීවරයාත්‍රා විශාල ප්‍රමාණයක් දෛනිකව තම ධීවර කටයුතු සඳහා භාවිතා කරනවා.
මෙම ධීවර වරායට කැළි කසළ එම යාත්‍රාවලින් බැහැරලන අප ද්‍රව්‍ය සහ ඇල මාර්ගවලින් මුහුදට එකතු වන අපද්‍රව්‍ය බේරුවල ධීවර වරායට ගොඩ ගැසීම නිසා මෙම පරිසර ගැටලුකාරී තත්ත්වය ඇතිව තිබෙනවා.
මෙම ධීවර වරායට බහුල වශයෙන් මත්ස්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් පැමිණෙන බවත්, මෙම කැළි කසළ නිසා ප්‍රදේශය දුර්ගන්ධ සහ රෝග පැතිරීමේ අවධානමක් ද පවතින බවත් ධීවරයින් ප්‍රකාශ කරනවා.
ධීවර වරාය පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීමට බේරුවල ධීවර වරායේ කළමනාකාරීත්වය කටයුතු නොකිරීම මීට ප්‍රධාන හේතු වූ බව ඔවුන් පෙන්වා දෙනවා.
