බෙයාර්ස්ටෝව්ගේ දැවීයාමේ සිද්ධිය එංගලන්ත අගමැති දක්වා දුරයයි (වීඩියෝ)

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරග අතර තුර සිදුවූ එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝව්ගේ දැවීයාම මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් දක්වාම දුරගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විසින් ලබාගත් බෙයාර්ස්ටෝව්ගේ දැවීයාම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් ද සිදුකර ඇති බව ද සඳහන්.

ඒ, අනුව බෙයාර්ස්ටෝව්ගේ දුවද්දී දැවී යාමේ සිද්ධිය ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය අනුගමනය නොකළ සිදුවීමක් බවයි අගමැති රිෂි සුනක් චෝදනා කර ඇත්තේ.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පෙරේදා හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝව්ගේ කඩුල්ල ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ලබාගත් ආකාරය පිළිබඳව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එල්ල වී ඇත්තේ දැඩි අප්‍රසාදයක්.

එංගලන්ත දෙවන ඉනිමේ ලකුණු 10ක් ලබාගෙන සිටි බෙයාර්ස්ටෝව්, කැමරන් ග්‍රීන් යැවූ බවුන්සර් පන්දුවක් හමුවේ හිස පහත් කරමින් පන්දුව කඩුලු රකින්නා අතට යෑමට සලස්වමින් ආරක්ෂා වී තම ක්‍රීස් එකෙන් ඉවතට පැමිණෙනවා.

එහිදී ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී එම පන්දුව කඩුල්ල දෙසට දමා ගසන අතර එය කඩුල්ලේ වැදීමෙන් පසු බෙයාර්ස්ටෝව් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් පිටියේ විසිනුරුවරුන් එම තීරණය ලබාදීම තෙවැනි විනිසුරුවරයා වෙත භාරදෙන අතර, රූපවාහිනී විනිසුරු මාරයිස් ඉරැස්මස්ගේ සමාලෝචනයෙන් පසු ජොනී බෙයාර්ස්ටෝව් දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරනු ලබනවා.

එම අවස්ථාවේ දී ලෝර්ඩ්ස් පිටියේ තරග නරඹමින් සිටි දහස් සංඛ්‍යාත එංගලන්ත ප්‍රේක්ෂකයින් බෙයාර්ස්ටෝව් දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළකර සිටි ආකාරය දැකගත හැකි වුණා.

අදාළ සිදුවීම පහතින්.

https://www.facebook.com/watch/?v=787790459497613

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?