බුදු දහමේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ලබන එකොළොස් වැනිදා මිහින්තලේ කටු සෑය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන බවට බෞද්ධ මහා සම්මේලනය නිවේදනය කරයි.
මාධ්‍ය හමුවක් පවත්වමින්, වර්තමානයේ බුදු දහමට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම සත්‍යග්‍රහය සිදුකරන බව බෞද්ධ මහා සම්මේලනය ප්‍රකාශ කරනවා.
එහිදී කරුණු දැක්වු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, චන්ද්‍ර නිමල් වාකිස්ට, එකොළොස් වැනිද සමස්ත මහා බෞද්ධ සම්මේලනය විසින් මිහින්තලයේ වැඩසටහනක් පවත්වන බව ප්‍රකාශ කරයි.
ජාතිය ආගමට පවතින ගැටලු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ආරම්භ කිරීම උදෙසා මේ මිහින්තලා සෑය භූමියේ දී අධිෂ්ඨානයක් සිදු කරලා අනතුරුව කටු සෑය අසලදී කන්නලව්වක් සිදු කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කරනවා.
අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගෙන පූජා නගරයේ ඇතිවන යෝජනා ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක් ද මේ සමඟින් සිදුකරන්නට යන බවත් චන්ද්‍රා වාකිෂ්ඨ තවදුරටත් ප්‍රකාශ කරනවා.
ඒත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කරන මේ කටයුත්තේ කිසිම දේශපාලන අරමුණක් මේ වැඩපිළිවෙළේ නැති බවත් ඔහු අවධාරණය කරනවා.
මාධ්‍ය හමුවේ කරුණු දැක්වු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එහිදී ප්‍රකාශ කළේ, තම පාර්ශ්වය එකොලොස් වැනිදා කටුසෑය ඉදිරිපිට මේ සත්‍යග්‍රහය කරන බවයි.
මේ රජය නිරාගමිකව බෞද්ධ විරෝධීව කරන වැඩ ගැන තමන් කතා කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා
බෞද්ධ මහා සම්මේලනයේ ආශිර්වාදය මැද උන්වහන්සේලා මේ කටයුතු සිදු කරන බවත්, ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මහා නායක හිමිවරු කටයුතු කරන්න අවශ්‍ය බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඒ වගේම නිරාගමික පාලකයන්ට මේ රට කරන්න බැරි බවත්, කටු සෑය ඉදිරිපිට ආරම්භ කරන අධිෂ්ඨාන පූජාව ශාසනික මිසක් දේශපාලනය අරමුණකින් සිදුකරන දෙයක් නොවන බවටත් උන්වහන්සේ අවධාරණය කරනවා.
මහජන කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කැලුම් ජයසුමන එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, තම සංවිධානයත් මෙම සත්‍යග්‍රහයට සම්බන්ධ වෙන බවට නිවේදනය කරනවා.
තවදුරටත් කරුණු දක්වමින්, හැට අට ලක්ෂයක් චන්දෙ දීලා තමයි මේ සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායමක් බලයට පත්වෙලා තියෙන බවත්, මේක අහඹු සිදුවීමක් නොවන බවටත් චෝදනා කරනවා.
ඒ වගේම හෙල්මට් බලකාය පූජ්‍ය කශ්ශප හාමුදුරුවන්ට හෙල්මට් එකෙන් පහර දුන් බවටත්, මේ අය උපතින්ම මාක්ස්වාදය සරණ ගිය අය බවටත් වැඩිදුරටත් චෝදනා කළා.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ ද මෙහිදී කරුණු දැක්වුවා.
