spot_imgspot_img

බුත්තලට වනඅලි තර්ජන උග්‍ර වෙයි – ගම් වැදි අලීන් වගා වනසයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහගොඩයාය ප්‍රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ; එලෙස ගම්වැදි වනඅලි විසින් ප්‍රදේශයේ වගා කර තිබූ ගස්ලබු, පොල්, කෙසෙල් ඇතුළු වගාවන් රැසක් ම විනාශ කර දමා ඇති අතර දේපල රැසකට ද හානි සිදු කර ඇති බවයි.

වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයට වනඅලි තර්ජනය එල්ල වීම ප්‍රසිද්ධ කාරණයක්.

නමුත් කෙතෙක් වගකිව යුතු බලධාරීන්ට සහ නිලධාරීන්ට ද දැනුම් දුන්න ද, මේ වන තෙක් වනඅලි ගැටලුවලට විසඳුමක් ලැබී නැති බවයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

සවස 06 පමණ වන විට වනඅලි ගම්මානයට කඩා වදින බවත්; එලෙස ගම්වැදි වනඅලි උදෑසන වන තෙක් ගම්මානයේ රැඳී සිටින බවත් ජනතාව පවසනවා.

දීර්ඝ කාලයක සිට තමන් පීඩාවට පත් වී ඇති මෙම වනඅලි ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?