අනියම් සම්බන්ධයක් පවත්වාගෙන කාන්තාවක් පෙම්වතා සමඟ එක්ව තම සැමියා සහ දරු දෙදෙනා දෙවරක් ඝාතනය කිරීමට තැත්කළ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සමඟ අයගේ පෙම්වතා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ නයිනා ෂර්මා නැමැති මෙම කාන්තාව පෙම්වතා සමඟ එක්ව මුලින්ම සැමියාට සහ දරුවන්ට වස දීමට උත්සාහ කර ඇති බවයි.
එම උත්සාය ව්‍යාර්ථ වීමත් සමඟ සැමියා වන ගෝපාල් මිශ්‍රාට පිහියෙන් ඇනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
තම සැමියා සහ දරුවන් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට මෙලෙස කුමන්ත්‍රණය කළ බවයි අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ පෙම්වතා ඊයේ දින පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.
මෙම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති සැමියා පවසා ඇත්තේ ජුනි 30 වන දින රාත්‍රියේ, ඔවුන් දෙදෙනා තමාට සහ අවරුදු හතරේ සහ එක හමාර යන වයස්වල පසුවන පුතුන් දෙදෙනාට කිරිවලට විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.
පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පසු, පෙරේදා (03) අලුයම් කාලයේ තම බිරිඳ සහ ඇයගේ පෙම්වතා විසින් තමා නිදා සිටියදී පිහියකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි ඔහු තවදුරටත් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තම ජීවිතය අනූනවයෙන් බේරා ගැනීමට හැකිවූ බව ඔහු පොලිසිය පවසා තිබෙනවා.
සැමියා විසින් එලෙස සිදුකළ පැමිණිල්ල මත බහ්ජෝයි පොලිසිය සිකුරාදා සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.