බාලවයස්කාර දැරිවියක් හා අඹු සැමි සබඳතා පැවැත්වූ සැකකරුවෙකු සොයා විමර්ශන ඇරඹෙයි

වයස අවුරුදු 15 යි මාස 02 ක් වන බාලවයස්කාර දැරිවියක් ව මව්පිය භාරකාරත්වයෙන් තොරව පැහැරගෙන ගොස් ඇය සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම බාලවයස්කාර දැරිවිය ලිංගික අඩත්තේට්ටමට ලක් ව ඇති බවත් ඇයගේ මව විදෙස්ගත ව සිටින බවයි.

පියා ද දුර බැහැර ප්‍රදේශයක රැකියාවක් කරන අතර ඔහු ද මාසයකට වරක් පමණක් නිවසට පැමිණීම හේතුවෙන් දැරිය මිත්තණිය භාරයේ ජීවත් ව තිබෙනවා.

මෙම දැරිය පාසල් ද නොයන බවයි වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් දැරිවිය සැකකාර පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මිත්තණියගෙන් හා සීයාගෙන් අවසර ලබාගෙන සැකකරු දැරිවිය ව මුණගැසීමට නිවසට පැමිණ තිබෙනවා.

ඉකුත් ජුනි මාසයේ ඉරිදා දිනක සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇයට අසැබි වීඩියෝ දර්ශන පෙන්වා ඊට පොළඹවාගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ දැරිවියගේ ද කැමැත්ත මත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මිත්තණිය විසින් දැරිවිය යළි නිවසට කැඳවාගෙන පැමිණ මාරවිල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

දැරිවිය පවසා ඇත්තේ එක් දිනක් තමන් සැකකරු සමග අඹු සැමි සබඳතා සමගින් ජීවත් වූ බවයි.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මිත්තණියගේ භාරකාරත්වය යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39