බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි – 16ක් රෝහල්ගත කෙරේ (වීඩියෝ)

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය – 07 කණුව දේවාල පල්ලම ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 16 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (29) දහවල් මෙම අනතුර සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වෙමින් පැවති ලංගම ට අයත් බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති එක් බස් රථයේ මගීන් ලෙස 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයින් රැගත් බස් රථයේ සිටි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් වාර්තා වනවා.

එමෙන්ම තුවාල ලැබූ සෙසු මගීන් ලංගම බස් රථයේ ගමන් කළ මගීන් බවත් මේ වන විට තුවාලකරුවන් පොළොන්නරුව සහ හබරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

අනතුරට හේතුව බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කිරීම බවයි මින්නේරිය රථ වාහන පොලිසිය පැවසුවේ.

ලංගම බස් රථයේ රියදුරු ද තුවාලකරුවන් අතර සිටින බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමට මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශිකයින් ද එක් වන අයුරුයි වාර්තා වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03