spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් තුළ කතුන් දෙදෙනාගේ සෙරෙප්පු ගුටි කෙළිය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

මගීන්ට හිරිහැර වෙන අයුරින් බස් රථයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙක් ඇතිකරගත් ගැටුමක් පිළිබඳව මේ වනවිට ඉන්දියාවේ ම අවදානය යොමුව තිබෙනවා.

බැංගලෝරයේ බස් රථයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙක් මෙම ගැටුම ඇතිකරගෙන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකාට සෙරප්පුවලින් පහරදීගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් කාන්තාවක් අනෙක් කාන්තාවට ජනේලය වසාදමන ලෙස ඉල්ලා සිටීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාම එකිනෙකාට පරුෂ වචනයෙන් බැන ගනිමින් දෙදෙනාට පහර පිට පහරදීගන්නා ආකාරය බස් රථයේ සිටි තවත් මගියෙක් විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ ආධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා.

බොහෝ දෙනෙක් ඊට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැනි මහජන හිරිහැරකාරී සිදුවීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
16
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?