ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තු පහතට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, මෙලෙස බස් ගාස්තු සංශෝධනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහත හෙලන අතර හෙට 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?