බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ සභාපතීත්වයෙන්

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට ඊයේ (17) තීරණය වුණා.

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගනු ලැබුවා.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු කළා.

බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ නායකත්වයෙන් යුතු මෙම අනුකාරක සභාව හරහා මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉදිරි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමටත් අවශ්‍ය නිර්දේශයන් ලබාදීමටත් අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42