බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව නිකුත්කර තිබෙන වරෙන්තුවකට අනුව උන් වහන්සේ ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තබුණා.
ඉන් අනතුරුව ඊයේ දින සිට අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සැකකරුවන් ප්‍රතිකාර ලබමින් සිටි අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඊයේ (12) රාත්‍රියේ ගිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
සැකකරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා ද වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අධිකරණය නියෝග කළා.
ඒ අතරතුර ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබෙනවා.
