Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ ඇත්තම හේතුව ප්‍රසිද්ධ කරයි

මැතිවරණ ව්‍යාපාරයෙන් හදිසියේ ඉවත්වීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින්, රටේ අනාගතය පිළිබඳ ඔහුගේ කනස්සල්ල නිසා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි තරගයෙන් ඉවත් වූ බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා.

ඕවල් කාර්යාලයේදී සිය ප්‍රකාශය සිදු කරමින්, බයිඩන් පැවසුවේ ජනාධිපති ධුරයට යළි පත්වීමේ ගෞරවයට වඩා තමන් රටට ආදරය කරන බවයි.

“ඉදිරියට යා හැකි හොඳම මාර්ගය නව පරම්පරාවකට යෂ්ටිය ලබා දීමයි. අපේ ජාතිය එක්සත් කිරීමට හොඳම මාර්ගය එයයි, ”බයිඩන් පැවසුවා.

ට්‍රම්ප්ගේ නම සඳහන් නොකර නොවැම්බර් 5 මැතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් ඇමරිකානුවන් මුහුණදෙන බව ඔහු විශ්වාස කරන අන්තරාය ගැන සඳහන් කරමින් බයිඩන් සිය මිනිත්තු 11 ක කතාව අවසන් කළා.

ඩිමොක්‍රටික් පක්ෂයේ අර්බුද විසඳීමට සහ ජයග්‍රහණය කිරීමේ ඉලක්කය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එක්සත් කිරීමට සහායක් ලෙස තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව ඔහු පැවසුවා.

”අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කිසිවක් බාධාවක් විය නොහැකියි. එයට පුද්ගලික අභිලාෂයන් ද ඇතුළත්.”

”ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ වන්නේ එය රජවරුන් හෝ ඒකාධිපතියන් පාලනය නොකරන නිසායි. ඇමෙරිකාව පාලනය කරන්නේ ජනතාවයි. ඉතිහාසය ඇත්තේ ඔබේ අතේ.. බලය ඇත්තේ ඔබේ අතේ. ඇමරිකාව පිළිබඳ අනාගතයත් ඔබේ අතේ..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?