බයිඩ්න් ජනපති සටනින් ඉවත් වූ ඇත්තම හේතුව ප්‍රසිද්ධ කරයි

මැතිවරණ ව්‍යාපාරයෙන් හදිසියේ ඉවත්වීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින්, රටේ අනාගතය පිළිබඳ ඔහුගේ කනස්සල්ල නිසා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි තරගයෙන් ඉවත් වූ බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා.

ඕවල් කාර්යාලයේදී සිය ප්‍රකාශය සිදු කරමින්, බයිඩන් පැවසුවේ ජනාධිපති ධුරයට යළි පත්වීමේ ගෞරවයට වඩා තමන් රටට ආදරය කරන බවයි.

“ඉදිරියට යා හැකි හොඳම මාර්ගය නව පරම්පරාවකට යෂ්ටිය ලබා දීමයි. අපේ ජාතිය එක්සත් කිරීමට හොඳම මාර්ගය එයයි, ”බයිඩන් පැවසුවා.

ට්‍රම්ප්ගේ නම සඳහන් නොකර නොවැම්බර් 5 මැතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් ඇමරිකානුවන් මුහුණදෙන බව ඔහු විශ්වාස කරන අන්තරාය ගැන සඳහන් කරමින් බයිඩන් සිය මිනිත්තු 11 ක කතාව අවසන් කළා.

ඩිමොක්‍රටික් පක්ෂයේ අර්බුද විසඳීමට සහ ජයග්‍රහණය කිරීමේ ඉලක්කය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එක්සත් කිරීමට සහායක් ලෙස තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව ඔහු පැවසුවා.

”අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කිසිවක් බාධාවක් විය නොහැකියි. එයට පුද්ගලික අභිලාෂයන් ද ඇතුළත්.”

”ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ වන්නේ එය රජවරුන් හෝ ඒකාධිපතියන් පාලනය නොකරන නිසායි. ඇමෙරිකාව පාලනය කරන්නේ ජනතාවයි. ඉතිහාසය ඇත්තේ ඔබේ අතේ.. බලය ඇත්තේ ඔබේ අතේ. ඇමරිකාව පිළිබඳ අනාගතයත් ඔබේ අතේ..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13