බන්දුල පෙතියා වෙසෙන ඇළ සංරක්ෂණයට පරිසර අමාත්‍යාංශය මැදිහත් වෙයි

වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින ස්ථානීය ආවේණික මත්ස්‍යයෙක් වන ‘බන්දුල පෙතියා’ වෙසෙන ඇළ සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යාංශය පවසා සිටියේ, ඊයේ (02) දිනට යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදු කරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කළ බවයි.

දුලභ ස්ථානීය ආවේණික මත්ස්‍ය විශේෂයක් වන බන්දුල පෙතියා මුළුලෝකයෙන්ම හමුවන්නේ හමුවන්නේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ නිකතුපොල ප්‍රදේශයෙන්.

කිලෝ මීටර් දෙකකට අඩු දිගින් යුතු ජල පහරක සීමිත කොටසක පමණක් හමුවන මෙම මත්ස්‍යයා පැවැත්මේ දැඩි තර්ජනයකට ලක්ව සිටිනවා.

යම් හෙයකින් මෙම කුඩා දිය දහරේ තත්ත්වය වෙනස් වුවහොත් මෙම මත්ස්‍යා සමස්ත ලෝකයෙන්ම වඳ වී යනු ඇති.

එහෙයින් පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම බන්ධුල පෙතියා සංරක්ෂණය සඳහා අතිශයින් වැදගත් ලෙස සලකනවා.

ඊයේ දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේ දී ඊට අදාළ වැඩසටහන පැවැත්වුණා.

එම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබුවා.

මෙහිදී බන්දුල පෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්, බන්දුල පෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

”ජයන්තියා” යන ප්‍රාදේශීය ව්‍යවහාරයෙන් හඳුන්වනු ලැබූ මෙම මත්ස්‍ය විශේෂය රන්ජිත් බන්ධුල නම් මත්ස්‍ය පර්‍යේෂකයා විසින් ලෝකයට හඳුන්වාදෙනු ලැබුවා.

මෙම මත්ස්‍යයා සංරක්ෂණය වෙනුවෙන් ලෝක සංරක්ෂණ සංගමය විසින් විශාල මෙහෙයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
1
+1
2
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08