බදු බර වැඩි කරන පාකිස්තානය

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීමක් (Bailout Package) සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන් විසින් සිදු කරන සැලකිය යුතු බදු වැඩිකිරීම් සම්බන්ධයෙන් රජය කෙරෙහි පාකිස්තාන ජනතාවගේ පුළුල් විරෝධයක් මතු ව තිබෙනවා.

පාකිස්තානයේ තවත් ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලැබුව ද සහන අපේක්ෂාවෙන් සිටි නමුත් දැන් වැඩිවන මූල්‍ය බරකට මුහුණ දී සිටින ප්‍රධාන නගරවල පුරවැසියන් අතර දැඩි කලකිරීමක් ඇති කර ඇතැයි ANI වාර්තා කරනවා.

කරච්චි හි පදිංචි ෂයිස්ටා පවසන්නේ, ගිනි කූරටත් බදු ගෙවීමට තමන්ට සිදුව ඇති බවයි.

අයවැය ජූලි 1 වැනිදායින් ආරම්භ වන මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන රුපියල් ට්‍රිලියන 13 (USD බිලියන 47) ක අභියෝගාත්මක බදු ආදායම් ඉලක්කයක් තබා ඇති අතර එය සියයට 40කට ආසන්න වැඩිවීමක්.

සෘජු බදු සියයට 48කින් සහ වක්‍ර බදු සියයට 35 කින් ඉහළ දැමීම මෙයට ඇතුළත්.

ඛනිජ තෙල් ගාස්තු වැනි බදු නොවන ආදායම සියයට 64කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

විශේෂයෙන්ම සභාග දේශපාලනය සහ උද්ධමන ක්‍රියාමාර්ගවලට එරෙහි ව නැගී එන මහජන විරෝධය මධ්‍යයේ, ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳ ව කනස්සල්ලක් ද පවතිනවා.

එපමණක් නොව, අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජයේ මිත්‍ර පක්ෂයක් වන පකිස්ථාන මහජන පක්ෂය ද අයවැයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නොසතුට පළ කර තිබුණා.

සිරගත ව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ අඛණ්ඩ ජනප්‍රියතාවයෙන් ෂරීෆ්ගේ පරිපාලනය ද අභියෝගවලට මුහුණදෙන අතර අයවැය ඉදිරිපත් කිරීමේ දී එම පක්ෂයේ මන්ත්‍රීවරු දැඩි ලෙස විරෝධතා දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56