spot_imgspot_img

බණ්ඩාරවෙල ලැගුම්හලේ කාන්තා ඝාතනයේ සැකකරු මෙන්න (ඡායාරූප)

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලක දී කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (24) පස්වරුවේ සොයා ගත්තා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය මහජනතාවගෙන් සහාය පතනවා.

50 හැවිරිදි වියේ පසුවන කරවිටගේ සචින්ත රංග කරවිට නැමැති සැකකරු මේ වනවිට පළාගොස් සැඟව සිටිනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 – 8710108 (අපරාධ අංශ ස්ථානාධිපති) හෝ 057-222 2226 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලක ඇඳක් මත මියගොස් සිටි කාන්තාවක් ඊයේ (24) පොලිසිය විසින් සොයාගත් අතර, මෙලෙස මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තැනැත්තියක්.

පෙරේදා (23) සවස කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම ලැගුම්හලේ කාමරයක් කුලියට ගෙන නතර වී ඇති අතර ඊයේ (24) උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණ තිබෙනවා.

ඊයේ (24) සවස 4.30ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් ලැගුම්හලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වූණේ.

එහිදී ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත්ව,සේවකයෙකු සිදුකළ සොයා බැලීමක දී ලේ පැල්ලම් සහිතව ඇති කන්තාවගේ සිරුර කාමරයේ ඇති බවට දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

අනතුරුව පොලිසිය පැමිණ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බවටයි.

එමෙන්ම සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද එම ස්ථානයේ තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ ඡායාරූපය

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
6
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?