Empty Ad
AFC Banner
Empty Ad

බණ්ඩාරවෙල දී පාසල් සිසුවියක් පැහැරගැනීමේ තැත වරදියි

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 10 හැවිරිදි පාසල් සිසුවියක්, කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යෑමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

සිසුවිය පසුගිය සිකුරාදා (19) පාසැල නිම වී තනිව පාසල් බස් රථයට යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඇයව පැහැරගෙන යාමටයි උත්සාහ දරා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප බණ්ඩාරවෙල පොලිසියෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

එම පැමිණිල්ලට අනුව මේ වනවිටත් විමර්ශන ආරම්භකර ඇති බව බණ්ඩාරවෙල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කර සිටියා.

පසුගිය සිකුරාදා (19) දින සිසුවිය පාසල නිමව තනිව පාසල් බස් රථයට යෑමට බණ්ඩාරවෙල, සීවලි මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී, පාසලේ සිට මීටර් 500ක පමණ දුර ඇති ග්‍රේන්ජ් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ දී සුදු පැහැති වෑන් රථයක් මාර්ගය අසල නවතා ඇති ආකරය දැක තිබෙනවා.

එම අවස්ථාවේ තරුණයකු වෑන් රථයෙන් බැස සිසුවිය අසලට පැමිණ “අම්මා අසනීප වී රෝහලේ නතර කළා. ඔයාට මේ චොක්ලට් එක දීලා ඔයාව වෑන් එකේ එක්ක එන්න කිව්වා.” යනුවෙන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සිය මව, සහෝදරයා ඉගෙනුම ලබන පාසලට යන බව පෙරදින තමන්ට පැවසූ බවට සිසුවියට සිහිපත් වී ඇති බවත් ඒ, සමඟ බියට පත්වූ ඇය පඩිපෙළ ඔස්සේ දිවවිත් බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළඳසැලකට ගොස් බේරී ඇති බව සඳහන්.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය මව සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
13
+1
11
+1
32
+1
55
+1
18
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?