බණ්ඩාරවෙල ඩිපෝවේ ජාවාරමක් ලංගම සභාපතිගේ අතටම මාට්ටු (වීඩියෝ)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ ඊයේ බණ්ඩාරවෙල ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එම නිරීක්ෂණ චාරිකාවේ දී ගුණාත්මක තත්ත්වයෙන් ඉතා අඩු අමතර කොටස් වැඩි මිලට ලබාගෙන බස් රථවල සවිකිරීමේ ජාවාරමක් පිළිබඳව එහි සේවකයින් සභාපතිවරයාව දැනුවත් කළා.

එමෙන්ම බණ්ඩාරවෙල ඩිපෝව ආශ්‍රිතව පැන නැගී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබද විමසා බැලූ සභාපතිවරයා එහි සේවක සේවිකාවන්ට පවතින අඩුපාඩු පිළිබඳව ද සොයා බැලුවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ කිත්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
10
+1
2
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?