බටුවත්තේ වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 2025 වසරේ ජූලි මස 03 දින රාගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු පසුගිය 17 වනදා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අපරාධය සම්බන්ධව වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේ දී එම වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකුපෙරේදා (18) දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මාදම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු එම සැකකරු අවුරුදු 29ක මාදම්පේ ප්‍රදේශයේම පදිංචි අයෙක්.

එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී 2026.03.07 වන දින ජාඇල පොලිස් වසමේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම පසුගිය 07 වනදා අලුයම 1:25ට පමණ සිදුව තිබුණා.

අදාළ නිවස පාතල කල්ලි සාමාජිකයෙකු බව කියන දැනට ඩුබායි රටේ සැඟව සිටින මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ යන අයගේ බිරිඳට අයත් නිවසක්.

මේ අතර අතර සැකකරුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් 14ක් සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී 2025.07.03 දින රාගම බටුවත්තප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එම සැකකරු වයස අවුරුදු 35ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් 2025.07.14 දින මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයක සැකකරුවන් බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59