Empty Ad
AFC Banner
Empty Ad

බංග්ලාදේශය ගැන ඇඟ හිරි වැටෙන වාර්තාවක් – UNHRC වෙතින් දැඩි චෝදනාවකුත්

බංග්ලාදේශය තුළ දූෂිත පාලනයට එරෙහිව නැගි සිවිල් අරගල මර්දනයෙන් පුද්ගලයින් 1400ක් පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය නිවේදනය කරනවා.

CNN මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 අගෝස්තු මාසයේ දී තෙසතියක් පුරා පැවති ශිෂ්‍ය නායකයින්ගේ විරෝධතා මර්දනය කිරීමට බංග්ලාදේශ රජය ගත් විධිවිධාන මානව වර්ගයාට එරෙහිව ගත් අපරාධවලට සමාන විය හැකි බවත් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වල එක් ස්වරූපයක් විය හැකි බවයි.

ජූලි මස 15 වැනිදා සිට අගෝස්තු මස 05 දක්වා කාලය බංග්ලාදේශයේ භීෂණමකාරී අවධියක් වූ අතර අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවට පලා යාම ද සිදු වුණා.

ජිනීවා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විරෝධතාවලට පෙර සහ ඉන්පසු සති කිහිපය තුළ ආරක්ෂක අංශ තැබූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බහුතරයක් තුවාල ලැබූ බවයි.

CNN මාධ්‍ය වාර්තා කරන පරිදි 11,700කට අධික පිරිසක් තවමත් රඳවාගෙන සිටින බව ද මියගිය බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයින්ගෙන් 12% සිට 13% දක්වා නැතහොත් 180ක් පමණ ළමයින් බවට ද හෙළි ව තිබෙනවා.

සමහර අවස්ථාවලදී බංග්ලාදේශ ආරක්ෂක අංශ නිරායුද සිවිල් වැසියාට අමානුෂික අන්දමින් පහරදීම් සිදු කර ඇති බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක්, විරෝධතා මර්දනය කිරීමේ මාර්ගයක් ලෙස “නීති විරෝධී ඝාතන, පුළුල් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම්” දේශපාලන නායකත්වයේ සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ දැනුම හා සම්බන්ධීකරණය ඇතිව සිදු කළ බවටයි චෝදනා කර ඇත්තේ.

මේ පිළිබඳ ව සොයා බැලීමට බංග්ලාදේශයේ අන්තර්කාලීන නායක, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් බංග්ලාදේශයට ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58
Video thumbnail
පිරිත් හඬ මැද පොහොට්ටුව වැඩ අල්ලයි - කොල්ලෝ කෙල්ලෝ පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න පොරකයි
05:09
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට අසේල සම්පත් බත්තරමුල්ලේ සීලරතන හිමි එක්ක
15:31
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ
00:21
Video thumbnail
නාමල් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:54
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ - මරික්කාර් සැරවෙයි - රනිල් එක්ක JVPඑක ඩීල් එකක් ?
04:21
Video thumbnail
පරක්කු වෙලා රිලව් ඇවිත් මල විජ්ජුම්බරයයි - රිලව් ආපු නැති නිසා ගම්මුන්ට තදවෙයි
05:50

?