බංගලීන්ට එරෙහි එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගන් සංචිතය නම්කෙරේ – ඊබ්‍රහිම් සද්‍රාන්ට තවමත් සුව නැහැ

නොවැම්බර් මස මුල දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ඇෆ්ගන් මුල් පෙළ ක්‍රීඩක ඊබ්‍රහිම් සද්‍රාන්ට හා මුජීබ් රහ්මන්ට අහිමි ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම ආබාධවලින් පෙළෙමින් සිටීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

සද්‍රාන් හා රහ්මාන් වෙනුවෙන් ඇෆ්ගන් කණ්ඩායමට Sediqullah Atal සහ Noor Ahmad කැඳවා තිබෙනවා.

ඊබ්‍රහීම් සද්‍රාන් වළලුකර ශල්‍යකර්මයකින් මේ වනවිට සුවය ලබමින් සිටින අතර දකුණු අතෙහි සිදු වූ උළුක්කුවකින් මුජීබ් පීඩා විඳිමින් සිටින බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට ඇෆ්ගන් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු එක් කර තිබෙනවා.

එම සංචිතය වන්නේ ; නායක හෂ්මතුල්ලා ෂහිඩි, රහ්මත් ශා, රහ්මනුල්ලාහ් ගුර්බාස්,
ඉක්‍රම් අලිකිල්, අබ්දුල් මලික්, රියාස් හසාන්, සෙඩිකුල්ලාහ් අටාල්, ඩර්විෂ් රසූලි, අෂ්මතුල්ලා ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, රෂීඩ් ඛාන්, නන්ගියාල් ඛරොටි, ඒ.එම්. ගසන්ෆර්, නූර් අහමස්, ෆසල් හක් ෆරූකි, බිලල් සමී, නවීඩ් සද්‍රාන් සහ ඩරීඩ් අහමඩ් මලික් වනු ඇති.

මෙම තරගාවලිය සාජා නුවර දී පැවැත්වෙන අතර; එය එක්දින තරග තුනකින් සමන්විත වනවා.

එහි පළමු තරගය නොවැම්බර් මස 06 වැනි දින ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39