පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (30) දින සිය සහතිකය සටහන් කළා.

21.10.2025 වන දින පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා.

මෙම පනත, 2022 අංක 9 දරණ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය සඳහා වන පනතක්.

2025 මාර්තු මස 27 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර 2025 මැයි මස 08 වන දින ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධන පනත මගින් ප්‍රධාන පනත ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය යැයි සැලකෙන සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම සංශෝධන පනත මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 1 වන, 12 වන, 17 වන, 18 වන, 19 වන, 20 වන, 24 වන, 25 වන, 52 වන, 53 වන, 56 වන වගන්ති සහ VI වන උපලේඛනය සංශෝධනය කරනු ලබන අතර, 26 වන වගන්තිය ප්‍රතියෝජනය කිරීමත් ප්‍රධාන ප්‍රඥප්තියට 51අ වන අලුත් වගන්තිය ඇතුළත් කිරීමත් සිදුවනවා.

අනාගතයේ දී දත්ත සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන්ට සූදානම්ව, බලය ක්‍රියාත්මක කිරීමට ආයතනයක් තිබීමේ වැදගත්කම හඳුනා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම ඩිජිටල් උපායමාර්ග අනුගමනය කිරීමට සමානව සහාය වීම සඳහා සහ දත්ත විෂයන්ගේ අයිතිවාසිකම් අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම පනත උපකාරී වනු ඇති.

ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 22 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16