පොළොන්නරුවේ ගොවීන්ට කෘෂි බෝග ආරක්ෂාව සඳහා වායු රයිපල් ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ 50% ක දායකත්වය සහිතව පළමු අදියරේ ගොවීන් 110 දෙනෙකුට වායු රයිපල් පිරිනමා තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතාවය හා තාක්ෂණික වැඩසටහන යටතේ කෘෂි බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් වෙත වායු රයිපල් (Air Rifles) ලබාදීමේ අවස්ථාව අද (02) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
සියයට පනහක (50%) ගොවි දායකත්වය යටතේ ලබා දෙනු ලබන මේ ප්‍රතිපාදන සඳහා රජය විසින් රුපියල් මිලියන එකක (Rs. 1 Million) ප්‍රතිපාදන ලබා දී ඇති අතර, ඉතිරි සියයට පනහේ දායකත්වය ගොවීන් විසින් දරනු ලබනවා . මෙම ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වායු රයිපල් 296ක් ලබා දීමට නියමිත අතර, එහි පළමු අදියර යටතේ වායු රයිපල් 110ක ප්‍රමාණයක් අද දිනයේදී ගොවීන් වෙත පිරිනමා තිබෙනවා .
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සහභාගිවුණා. එසේම, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා .
