පොළොන්නරුවට වැස්සෙන් දැඩි පීඩා එල්ල වූ හේතුව මෛත්‍රී කියයි

අධික වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවීමට බලපා ඇති හේතු පිළිබඳව අවධාරණය කරමින් හිටපු ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

තමන් විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් 2019 පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරීම ඒ සඳහා හේතු වී ඇති බවයි අදාළ නිවේදනය මඟින් හිටපු ජනනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මොරගහහේන ව්‍යාපෘතියේ වයඹ සහ අනුරාධපුරයට ජලය ගෙන යන ඇලමාර්යේ ඉදිකිරීම් 2019 වසරේ සිට 2024 වසර දක්වා එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනය මඟින් පවසන්නේ.

2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බව අදාළ නිවේදනය මඟින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මේ පිළිබඳව අවධානය යොමුකරමින් අනුරාධපුරයට සහ වයඹට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

2 4

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57