පොසොන් මංගල්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරස් වෙලා – මිහින්තලේ හිමියන්ට සැකයක්

බෞද්ධ ආගම පෝෂණය කර සුරක්ෂිත කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන්ව තිබුණ ද, මේ වන විට එම ව්‍යවස්ථාව සහ බුද්ධ ශාසනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පාලනය කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඇරඹුණු සති පිරිත් දේශනාව ආරම්භ කිරීමේ අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින්.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීමෙන් අනතුරුව නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සති පිරිත් දේශනාව ආරම්භ කෙරුණා.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?