2026 වර්ෂයේ පොපි මල් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට පොපි මලක් පැළඳවීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
2026 පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් අමාත්‍යවරයාට පොපි මල පළඳවනු ලැබුවා.
පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ රණවිරුවන් මෙන්ම මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ උදාර කැපවීම සිහිපත් කිරීම සඳහා වාර්ෂිකව පොපි මල් දින සැමරුම පවත්වනු ලබනවා.
නොවැම්බර් 11 වැනිදාට ආසන්නතම ඉරිදා දිනයේදී පැවැත්වෙන මෙම අනුස්මරණ සැමරුමේ අරමුණ වන්නේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීම සහ ඔවුන්ගේ කැපවීම හා පරාර්ථකාමීත්වය අනාගත පරපුරට සිහිපත් කර දීමයි.
පළමු ලෝක යුද්ධයේදී දිවි පිදූ සෙබළුන් අනුස්මරණය කිරීමේ සංකේතයක් ලෙස පොපි මල භාවිතයට එක්වූ අතර, මහා බ්‍රිතාන්‍යයේ 1919 වසරේ සිට පොපි මල් අනුස්මරණ සම්ප්රදාය ක්‍රියාත්මක වනවා.
පසුව එම සම්ප්රදාය රටවල් රැසකට ව්‍යාප්ත වූ අතර, යුද්ධවලදී ජීවිත පරිත්‍යාග කළ සෙබළුන් සිහිපත් කිරීමේ සහ ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීමේ සංකේතයක් ලෙස පොපි මල භාවිත කෙරෙනවා.
මෙවර සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය නොවැම්බර් 08 වැනිදා පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණ ස්මාරකය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමය සහ සන්නද්ධ සේවාවන් එක්ව සංවිධානය කරන මෙම සැමරුම රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන් අනුස්මරණය කිරීමේ අවස්ථාවක් පමණක් නොව, විශ්‍රාමික, තුවාල ලැබූ සහ ආබාධිත සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් දායකත්වය ලබාදීමේ වැඩසටහනක් ද වනවා.
අමාත්‍යවරයාට පොපි මල පළඳවන අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් රංජිත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරී කුමාරප්පෙරුම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාජන් අනූෂා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක නැවි නන්දසිරි ද එක්ව සිටියා.
