spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුජන එක්සත් පෙරමුණේ මණ්ඩල නායකත්වය හිටපු ජනපතිනියට (වීඩියෝ)

නැවත සන්ධාන ගතවන පොදුජන එක්සත් පෙරමුණේ මණ්ඩල නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (05) සවස පැවති එහි විධායක සභා රැස්වීමේදීයි.

ඊට අමතරව මෙම සන්ධානයේ සභාපති ධූරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ද යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට නියමිතව ඇති අතර මෙම සන්ධානයෙන් ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ.

පොදුජන පෙරමුණු නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බවට ද වාර්තා වනවා.

එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට නියමිත අතර එහිදී පක්ෂයේ ලේකම් ධුරය ද අළුතෙන් පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
3
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?