පූර්ණ සටන් විරාමයක් ගැන ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායල – ඉරාන මැදපෙරදිග යුද්ධය අවසන් බව අමෙරිකා එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ නිවේදනය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ඉරානය මීට සුළු මොහොතකට (24) පෙර නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 12ක යුද්ධය අවසන් බවත්, පූර්ණ සටන් විරාමයක් නිවේදනය කරමින් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශය කිසිසේත්ම සත්‍ය නොවන බවත් ඉරානය පවසා ඇති බවයි.

ඊශ්‍රායලයට සහ ඉරානයට ක්‍රියාත්මක වන ඕනෑම මෙහෙයුමක් සම්පූර්ණ කිරීමට යම් කාලයක් ලැබෙනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ බවක් පෙනෙන්නට තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති අන්තයේ දී අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර ඊට දිනයක් හෝ දෙදිනක් තුළ පළි ගන්නා බව ඉරානය විසින් ඊයේ (23) නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, ඉරානය විසින් ඊයේ රාත්‍රියේ දී අමෙරිකානු යුද හමුදා කඳවුරු පිහිටි කටාර් සහ ඉරාකය අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ල කළා.

එසේම බහරේනය හා කටාර් ගුවන් කලාපයන් ද මෙවන් තත්ත්වයක් හමුවේ තාවකාලිකව වසා දැමුණා.

එසේම බහරේනය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

“සියල්ල කළ යුතු පරිදි ක්‍රියාත්මක වන බවට උපකල්පනය මත, ‘ද 12 දින යුද්ධය’ ලෙස හැඳින්විය යුතු දේ අවසන් කිරීමට ශක්තිය, ධෛර්යය සහ බුද්ධිය තිබීම ගැන ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරටටම මම සුබ පතමි,” ට්‍රම්ප් ඔහුගේ Truth Social වෙබ් අඩවියේ ලියා තිබීම සටන් විරාමයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කිරීමට හේතුවයි.

කෙසේවෙතත් ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඉරානය තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන තාක් කල් ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කළ ඇමතුමක දී ට්‍රම්ප් මෙම ගිවිසුමට මැදිහත් වූ බවත් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47