පුහුණු කාලයේ දී ගුරුහරුකම් දුන් හමුදා උපදේශකවරුන් හමුවූ යුද හමුදාපති

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සිය කෙඩෙට් නිලධාරි පුහුණු කාල සීමාවේදී උපදේශකවරුන් ලෙස කටයුතු කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් 2026 ඔක්තෝබර් මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවිය.

මෙම හමුව සඳහා බ්‍රිගේඩියර් එම්. මායාදුන්න (විශ්‍රාමික) සහ බ්‍රිගේඩියර් බී. එල්. ආර්. බමුණුසිංහ (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද පැමිණ සිටියහ.

එහිදී, යුද්ධ හමුදාධිපති සිය පුහුණු කාල සීමාවේ අත්දැකීම් සිහිපත් කරමින් තම වෘත්තීය හමුදා ජීවිතය හැඩගැස්වීම සඳහා උපදේශකවරුන් ලබාදුන් මඟ පෙන්වීම, විනය, නායකත්වය සහ වෘත්තීයභාවය වර්ධනයට ඉටුකල වැදගත් කාර්ය භාර්ය අගය කළේය.