පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් පස් දෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හිඟුරන්ගොඩ පොලිස් වසමේ, තල්පොත ප්‍රදේශයේ දී යි.
සැකකරුවන් වයස අවුරුදු 19, 26, 45, 47 සහ 49 යන වයස්වල පසුවන පොළොන්නරුව සහ පුලස්තිගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.













