Fly high Get bonus Aviator Phone

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ කොටස් සමඟ අයෙක් STF දැලේ (ඡායාරූප)

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 145ක්, ආර්.පී.ජී. උණ්ඩ කොටස් 08ක් සහ මිලි මීටර් 60 මෝටාර් උණ්ඩ කොටස් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (12) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තා මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 40ක අයෙක්.

සැකකරු සහ සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය මෙම පුද්ගලයා ලැබුනේ කුමන ආකාරයෙන් ද, කුමන අරමුණක් සදහා ඒවා සන්තකයේ තබාගෙන සිටියේද, යන්න සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ කයිට්ස් පොලිසිය විමර්ශණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 05 13 at 7.05.47 AM 1
WhatsApp Image 2024 05 13 at 7.05.46 AM 1 2
WhatsApp Image 2024 05 13 at 7.05.46 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?