පුපුරණද්‍රව්‍ය තොගයක් බසයක අරන් ගිය අයෙක් මන්නාරමේ දී අත්අඩංගුවට (ඡායාරූප)

මන්නාරම, පල්ලේමුනෙයි ප්‍රදේශයේ සිදුකරන ලද ඒ්කාබද්ද සෝදිසි මෙහෙයුමක දී බස්රථයක ප්‍රවාහනය කරමින් තිබූ ඩයිනමයිට් පුපුරණද්‍රව්‍ය කරල් 650ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පල්ලෙමුනෙයි ප්‍රදේශයේ මාර්ගයක සිදුකරන ලද සෝදිසියක දී ධාවනය වෙමින් තිබූ බස්රථයක් පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා.

එම ඩයිනමයිට් පුපුරණද්‍රව්‍ය ගමන්මල්ලක දමා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගත් සැකකරු ද එහි දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

ගැඹුරු මුහුදේ පිපිරීම් සිදුකොට මසුන් මැරීම සඳහා ධීවරයින් මෙලෙස මෙම පුපුරණද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මුන්දල් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් වන අතර ඔහු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

4 3 1
1 5
3 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57