පී.සී.ආර්. වලටත් බලපෑම් කරන අලුත්ම විකෘති ප්‍රභේදය

රටේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ (බී. 1617.2) විකෘතිතා හඳුනා ගැනීම ඉහළ යෑමත් සමග පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට බාධා එල්ලවීමේ හැකියාවක් පවතී දැයි විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ එස්.එස්. 222වී, එස්.ඒ. 701 එස්, එස්.ඒ. 1078 එස් සහ ආර් – 24 යන විකෘතිවීම් මෙරටින් හඳුනාගෙන ඇති අතර කොළඹ මුළුමනින්ම ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයට අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයන් 292ක් අනුක්‍රමික දත්ත මගින් තහවුරු කර ඇත.

දැනට හඳුනාගෙන ඇති නවතම විකෘතිතාව වන ආර් – 24 පිළිබඳ අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන ලද්දේ පී.සී.ආර්. (PCR) වැනි ඇතැම් රෝග විනිශ්චය කිරීමේ ක්‍රමවේදවලට මෙම නව විකෘතිතා බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවයි.

එම නිසා එන්නත් නිපදවීමේ දී මෙම නව ජාන විකෘතිතා පිළිබඳ වැඩි අවධානයක් යොමු විය යුතු බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා සුපිරි ප්‍රභේදයක්, පිළිබඳව පළකෙරෙන අනාවැකි පිළිබඳ අදහස් පළකරන ආචාර්ය ජීවන්දර පෙන්වා දෙන්නේ ‘සුපිරි ප්‍රභේදයක් යනු ජාන විකෘතිතා හේතුවෙන් නිර්මාණය විය හැකි’ නරකම තත්ත්වයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?