spot_imgspot_img
spot_img

පිටකොටුවේ දුරකථන හා උපාංග අලෙවිසැල් 20කට නඩු

පිටකොටුව ප්‍රදේශයේ දුරකථන සහ උපාංග අලෙවි කරන වෙළඳසැල් 20කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද සිදු කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ.

පිටකොටුව ප්‍රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන සියලු වෙළඳසැල් පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදීයි වෙළඳසැල් 20කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකථන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග අලෙවිය මෙන්ම අලෙවියට ප්‍රදර්ශනය කර තැබීම අදාළ වෙළඳසැල්වලට එරෙහි චෝදනාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
39
+1
10
+1
3
+1
5
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?