පෑනක් ලෙස සැකසු පිස්තෝල අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට පත් ව තිබෙනවා.

කොස්ගොඩ පොලිස් වසමේ පැලැගස් පලාන, කොස්ගොඩ ප්‍රදේශයේ දී පෙරේ දා (24) දින මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 46ක කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.