පැය 03ක් ප්‍රකාශ ලබාදුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටතට

පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

එම කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (01) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා.

පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පැය 03කට ආසන්න කාලයක් ඔහුගෙන ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්